
කතන්දර මත පදනම් වූ ක්‍රීඩාවක් වන "A Fishy Tale" වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! සාවද්‍ය තොරතුරු සහ කටකතා ප්‍රජාවන් හරහා පැතිර යන ආකාරය ගවේෂණය කිරීමට නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාව ඔබට ආකර්ශනීය චරිත තුනක් ලෙස බිලාල්, පෙරේරා මහතා සහ සුමුදුගේ දෘෂ්ටිකෝණවලින් ප්‍රවෘත්ති සිදුවීම් අත්විඳීමට ඉඩ සලසයි. සෑම චරිතයකටම ඔවුන්ගේම විශ්වාසයන්, අත්දැකීම් සහ තොරතුරු සැකසීමේ ක්‍රම තිබෙන අතර, එකම ප්‍රවෘත්තිය එකම ප්‍රජාව තුළ කොයිතරම් වෙනස් ලෙස බලපෑමක් කිරීමට පුලුවන්ද යන්න අත්විදීමට මෙම ක්‍රීඩාව උදව් වනු ඇත.
මාධ්‍ය සාක්ෂරතාවය හරහා වැරදි තොරතුරු වටා ඇති විවේචනාත්මක සමාජ ගැටලු විමසීමේ පරිසරයක් වටා සිදුවන ක්‍රියාකාරකමක් මේ හරහා ඔබට අත්විදිය හැක. මෙම නව්‍ය වෙබ් පාදක ඉගෙනුම් මෙවලම අත්දැකීම් සහිත ඉගෙනීම (experiential learning), කතාන්දර හරහා අත්දැකීම් හුවමාරුව සමඟ ඒකාබද්ධ කර, පරිශීලකයින්ට විවිධ දර්ශන ගවේෂණය කිරීමට සහ මාධ්‍ය වල සංකීර්ණත්වය තේරුම් ගැනීමට ඉඩ සලසයි.
- බහු චරිතයන්ගේ දර්ශන: තරුණ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගේ තැන ගන්න.
- තේරීම් පදනම් වූ කතාවක්: මාධ්‍ය සාක්ෂරතාවය සහ වැරදි තොරතුරු ගැන ඉගෙන ගනිමින් කතාවේ දිශාව තීරනය කරන්නට තීරණ ගන්න.
- ප්‍රායෝගික මෙවලම් සහ ක්‍රම: වැරදි තොරතුරු හඳුනා ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීමට අවිහිංසාවාදී ප්‍රවේශයන් ඉගෙන ගෙන පුහුණු වන්න.
- සැමට භාවිතයට සුදුසුයි: දෘෂ්‍ය හෝ ශ්‍රවණාබාධ සහිත පරිශීලකයින් සඳහා සහ විවිධ උපාංගවලින් පිවිසිය හැකි සහ ප්‍රතිචාර දැක්විය හැකි ලෙස නිර්මාණය කර ඇත.
- බහුභාෂා සහාය: සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලබා ගත හැක.
- සරලයි: සියලු වයස් කාණ්ඩ සඳහා සහ තාක්ෂණික මට්ටම් සඳහා සුදුසු පරිශීලක-හිතකාමී ලෙස සකසා ඇත.
- හේතු සහ ප්‍රතිඵල අවස්ථා සම්බන්ධය හරහා අත්දැකීම් සහිත ඉගෙනීම
- සාරධර්ම සංවර්ධනය සඳහා සංවේදීබව පදනම් කරගත් තීරණ ගැනීම
- වගකිවයුතු පුරවැසිභාවය ප්‍රවර්ධනය කරන විවේචනාත්මක සංවාදය සහ විමර්ශනය
- නියැලීම වැඩි දියුණු කරන අන්තර්ක්‍රියාකාරී ඉදිරිපත්කිරීමක්
- ස්වයං අධ්‍යනය සදහා වැඩිඩියුණු කර ඇත
- පන්ති කාමර පරිසරයන් සඳහා සුදුසු වන අතර පාඩම් මාර්ගෝපදේශ ඇතුළත් වේ
- අමතර පාඩම් සැලසුම් මෙවලම් සමඟින් සමාජ ඉගෙනුම්වලට සහ කණ්ඩායම් සැසි සඳහා සහාය වේ